වර්ෂ 1902 අගෝස්තු 15 වන දින උඩුගම ප්‍රදේශයේ ඉඩංගොඩ වත්ත ඉඩමෙන් අක්කර ¼ ක භූමි ප්‍රදේශයක උඩුගම ආණ්ඩුවේ ස්වභාෂා මිශ්‍ර පාඨශාලාව නමින් අප විද්‍යාලය ආරම්භ විය.ශිෂ්‍ය ශිෂ්‍යාවන් 8 දෙනෙකු හා එක් ගුරුවරයෙකුගෙන් සමන්විතව ඇරඹුනු මෙමම විද්‍යාලයේ මුල්ම ගුරවරයා මෙන්ම විදුහල්පතිවරයා වූයේ ජයවර්ධන ලේලවල මහතාය.

දිනෙන් දින සංවර්ධනය වූ අප විද්‍යාලය වර්ෂ 1947 නොවැම්බර් 05 වන දින ද්වීභාෂා මිශ්‍ර පාසලක් බවට උසස් කෙරිණි. වර්ෂ 1958දී දැනට විදුහල පවත්වාගෙන යන ස්ථානයට ගෙන ආ අතර එහිදී පාසල් භූමිය රජයට පවරා ගැනුණි.
වර්ෂ 1960දී මෙම විද්‍යාලය උඩුගම මහා විද්‍යාලය ලෙස නම් කළ අතර ඉන් අනතුරුව උඩුගම අධ්‍යාපන කලාපයේ මාපලගම අධ්‍යාපන කොට්ඨාසයේ පාසලක් බවට පත්විය.
1962 සිට 1970 දක්වා කාලයේ විදුහල්පති වූ ඩබ්. වී. විතානගේ මහතාගේ මූලිකත්වයෙන් සිසුන්ගේ හා ගුරුවරුන්ගේ සහයෝගයෙන් ගොඩනැගිලිවලට ගමන්කරන මාර්ග, පඩිපෙළවල් සකස්කිරීම මඟින් පාසල් භූමිය ක්‍රමවත් කරන ලදී. වර්ෂ 1970දී විදුහලට මාණ්ඩලික මධ්‍ය පුස්තකාලයක් ද අප විද්‍යාලයට හිමි වුණි.
වර්ෂ 1976 දී උසස් පෙළ විද්‍යා පන්ති ආරම්භ විම,ගෘහ විද්‍යාගාරය ලබා ගැනීම,වාණිජ විද්‍යාගාරය ලබා ගැනීම හා විදුහලට විදුලිය ලැබීම ද පාසල් ඉතිහාසය තූල සුවිශේෂි ස්ථාන හිමි කර ගැනුණි.විදුහලට වසර 75ක් පිරීමේ වජිර ජයන්ති උත්සවය ද 1977 අගෝස්තු මාසයේ දී පවත්වන ලදී.
1978 වර්ෂයේ දී උසස් පෙළ විද්‍යා අංශයේ සිසුන්ගේ මෙහෙයවීමෙන් විද්‍යාලීය වන උයන බිහිකල අතර ඒකල පැවති විද්‍යා ශිෂ්‍ය සංගමය මගින් ඉටු කරන ලද විෂය බාහිර ක්‍රියාකාරකම් රාශියක් නිසා විදුහලට නොමද කීර්තියක් හිමි වුණි.එම අවධිය තුල ඇති වූ නව අධ්‍යාපන කාර්යාල ප්‍රතිසංස්කරණ අනූව අප විදුහල උඩුගම අධ්‍යාපන කලාපයේ මාපලගම අධ්‍යාපන කොටඨාසයට අයත් වූ අතර විදුහල පර්ශද මූලස්ථානයක් බවට පත්විය.
1991 වසරේ එස්.ජයසුන්දර මහතා විදුහල්පති බවට පත් විය. ආසියානු සංවර්ධන බැංකු සංවර්ධන ව්‍යපෘතිය යටතේ විදුහලේ භෞතික සම්පත් සංවර්ධනය කිරීම අරභන ලද්දේ මේ කාලයේ දීය. ඒ අනුව ගොඩනැගිලි කිහිපයක් හා ක්‍රිඩාගාරයක් පාසලට හිමි වුණි. තවද 1994 වසරේ පැවති අපොස (උසස් පෙළ) විභාගයේ ප්‍රතිඵල අනුව සිසුන් තිදෙනෙක් විශ්ව විද්‍යාලයට තේරී පත් වුණි. ඒම වසරේ දීම ආසියානු සංවර්ධන බැංකු ක්‍රමය යටතේ ගොඩනැගිලි ඉදිකිරීම හා විදුහලට පරිගණක අධ්‍යාපන මධ්‍යස්ථානයක් හිමිවීම සිදු වුණි.