පාසලක අවශ්‍යතාව තදින්ම දැනුණු අවධියක ප්‍රභූන් කිහිප දෙනෙකුගෙ ප්‍රධාන ගත් උත්සහයක ප්‍රථිපලයක් ලෙස ඉඩමගොඩ වත්ත නැමති ඉඩමෙන් අක්කර 1/4ක කොටසක් පාසල ඉදි කීරිම සදහා රජයට ප්‍රදානය කෙරුණි.ඉන් පසුව පාසල නිල වශයෙන් අරම්භ කරන ලද්දේ වර්ශ 1902 අගෝස්තු 15 වන දිනය.
එහි මුල් ගුරුවරයා සහා විදුහල්පතිවරයා වූයේ ජයවර්ධන ලේල්වල මහතා වූ අතර
ඔහුගේ සේවා කාලය වසර කීපයකට සීමා විය ඉන්පසු එස්.එම්. බෝපිටිය මහතා ද පී.කේ. හරමානිස් මහතා ද විදුහල භාරව කටයුතු කර ඇත.ඉන් පසු විදුහල්පති ලෙස ඩී.ටී.ස්.ඒකනායක මහතා පත් වු අතර ඔහුගේ ස්වා කාලය වර්ශ 1921 දක්වා පැවතුනි 1923 වන විට ගුරු මණ්ඩලය 03ක් දක්වා වැඩි වුණි.1926 දී තවත් ගොඩණැගිල්ලක් පසලට හිමිවිය .1929 දී එල්.යූ.පියසේන මහතා විදුහල්පති ලෙස පත් වූ අතර ඔහු ගමේ ප්‍රභූන් ඇතුලු ප්‍රදේශවාසීගේ සහයෝගය ද ඇතිව පාසල දියුණු කලේය.