නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
උඩුගම ජාතික පාසල

දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ උඩුගම අධ්‍යාපන කලාපයේ අභිමානවත් විදු පියසක් ලෙසින් දූ පුතුන් රැසකට ශිල්ප ඥාණය දෙමින් දරුවන් ගුණ නැණින් පොහොසත් කරන ගා/උඩුගම ජාතික පාසල තැබූ මෙම නව පියවර වෙනුවෙන් හද පිරි සුබපැතුම් එක් කරමි.
දූ දරුවන්ගේ දක්ෂතා මතු කරගනිමින් අනාගත වැඩ ලෝකයට ගැලපෙන විශිෂ්ඨ පුරවැසියන් දැයට දායාද කිරීමට දැක්ම කොටගත් අපි,පාසලට පැමිණෙන සියලු දරුවන් අපේම දරුවන් සේ සලකමින් ඔවුන්,දැනුම ආකල්ප,කුසලතා වලින් පොහොසත් ඵලදායී දරුවෙකු ලෙස සමාජගත කරන්නට වෙර දරන්නෙමු. ඒ උදෙසා තවත් පියවරක් ලෙස අප පාසල සම්බධ වෙබ් අඩවියක් නිර්මාණය කිරීමත් එය විවිධ පාර්ශව අතර සන්නිවේදන කාර්‍යයේදී වඩාත් ඵලදායී වනු ඇතැයි විශ්වාස කරමි. මේ වෙනුවෙන් වෙහෙස මහන්සි වූ සැමට ස්තුතිවන්ත වෙමින් සියලු කටයුතු සාර්ථක වේවායි සුබ පතමි.
නියෝජ්‍ය විදුහල්පති
අධ්‍යාපන සංවර්ධන.