-
පිරිමි ළමුන් සදහා
-
සුදු දිග කලිසමේ පාද අගල් 16 ට අඩු නොවිය යුතුය.
-
කළු සපත්තු,ලේස් දැමු(සපත්තුවේ මුහුණත උල් නොවිය යුතුය. උස් නොවිය
යුතුය) -
කමිසයෙ හ කලිසම් ද්විත්ව මැහුම් පොටවල් නොදැමිය යුතුය.
-
කිසිවිටෙකත් රඹර් සෙරෙප්පු නොදැමිය යුතුය.
-
නියපොතු කොටට කැපිය යුතුය.
-
කමිසයෙ සාක්කුව දකුණු පස අනිවාර්‍යයෙන් නිල ලාංඡනය හා ටයිපටිය පැලදිය යුතුය.
-
ශිෂය නායකයින් ශිෂය නායක නිල ලාංඡනය පැළදිය යුතුය.
-
ශිෂය නායකයින් අත් දිග කමිස අ ැදීම කළ යුතුය.
-
6-9 ශ්‍රේණීවල ශිෂයයින් නිල් කොට කලිසම් ඇදිය යුතු අතර අත් කොට
කමිසය වැලමිට දක්වා දික්වියයුතුය. -
කොණ්ඩය කොටට කැපීම අනිවාර්‍යය වේ.පොල්තෙල් හැර වෙනත් කිසිදු
ආලේපනයක් කොණ්ඩය සැකසිම සදහා ආලේප නොකල යුතුය. -
රැවුල කැපිය යුතු සිසුන් එය නිසි පරිදි සම්පූර්ණයෙන්ම කැපිය යුතුය.
-
උපැස් යුවලක් පළදින්නෙ නම් අදුරු නොකරන ලද කණ්ණාඩි පැළදිය යුතුය.
-
කලිසම අ ැගට හිර නොවන සේ ඉඩකඩ අ ැතිව මැසිය යුතුය.
-
කමිසය අතේ වට ප්‍රමාණයත වඩා 2.5 වත් වැඩි විය යුතුය.
-
ගැහැණු ළමුන් සදහා
-
කොණ්ඩය කපන්නේ නම් පිළිවෙළකට කැපිය යුතුය. නැතහොත් කොණ්ඩය
මැදින් බෙදා කරල් දෙකක් වන සේ ගොතා අග්ගිස්ස නවා කළු පාට රිබන්
පටියකින් ගැටගැසිය යුතුය. -
උරහිසෙහි සිට අතෙහි වැලමිට පිහිටි ස්ථානයේ ඉන පටිය තිබිය යුතුය.
-
පටියේ බොත්තම් යොදා සම්බන්ධ කළ යුතුය. කටු නොගැසිය යුතුය.
-
ටයි පටිය නියමිත ආකාරයට පැලදිය යුතුය.
-
දණ ගැසුවිට ගවුම බිම ස්පර්ශ වන සේ තිබිය යුතුය.
-
කළු සපත්තු පැළදිය යුතු අතර ඒවා ලේස් රහිත විය යුතුය.
(පාසල විසින් හදුන්වා දී ඇති සපත්තු විය යුතුය.) -
ඇහි බැමට, කොණ්ඩයට මෝස්තර නොයෙදිය යුතුය.
-
ටයි පටිය හා ගවුමේ දකුණු පස නිල ලාංඡනය පැලදීම අනිවාර්‍ය වේ.
ගවුමේ රැලි 24 ක් විය යුතුය. -
පොදු කරුණු
-
විෂය ඉගැන්වීමට අවෂයය පාසල් උපකරණ හැර වෙනත් කිසිදු දෙයක්
පාසලට රැගෙන ඒම සපුරා තහනම් වේ. -
අනවශයය උපකරණ සියල්ල විදුහල්පති භාරයට ගැනිම සිදු කරයි.
-
ඇදුම් පිරිසුදුව ඇදීම සියළු දෙනාගේ වගකීම වේ.
-
කෑම රැගෙන ඒම සදහා කෑම පෙට්ටියක් භාවිත කළ යුතුය.
-
පොලිතින් ආදී අපද්‍රවයය පාසලත රැගෙන ඒම සපුරා තහනම් වේ
- Home
- අපේ පාසල ගැන
- නීති හා රෙගුලාසි